Royal College Logo

රාජකීය විද්‍යාලය පොලොන්නරුව
සාදරයෙන් පිලිගන්නෙමු

වන්නෙමු සිප් බිමක් සතර දෙසින් එන මානවක මානවිකාවන් හට අනලස්ව දිවි මග නැගුමට

පමා නොවව්!

අභිමානවත් රාජකීයය

රාජකීය වනාහි – ලාංකීය ධරණිතලයේ සෙසු පාසල් අතර පොලොන්නරුව රාජකීය විද්‍යාලයට සුවිශේෂි වටිනාකමක් හිමි වී ඇත්තේ ගුරු – සිසු දේපාර්ශවය තුලම , අතීතයේ පටන් අද දක්වාම නොනැසී පවතින හර පද්ධතිය සහ සුවිශේෂි අනන්‍යතාව හේතුවෙනි . අප විද්‍යාලයට ආවේණික වු මෙම හර පද්ධතිය අතීතයත් , වර්තමානයත් , අනාගතයත් අතර , මනා සබැඳියාවකින් යුතුව නූතන ලොවට උචිත පරිදි ප්‍රතිසංවිධානය කරමින් පෝෂණය කිරීම අප විද්‍යාලයේ දීර්ඝ කාලීන අභිමානයට හේතු වේ .

දැක්ම

වන්නෙමු සිප් බිමක් සතර දෙසින් එන මානවක මානවිකාවන් හට අනලස්ව දිවි මග නැගුමට

මෙහෙවර

ගුණගරුක සමාජයකට අවැසි යහ ගුණයෙන් පිරිපුන් අනාගත අභියෝග ඉදිරියෙහි නොසැලෙන ප්‍රතිභාපූර්ණ, ක්‍රියාශිලි , නිර්මාණාත්මක කුසලතවයකින් හා සමබර පෞරුෂයකින් හෙබි දේශිය සංවර්ධන ක්‍රියාදාමයට උරදිය හැකි ඉහළ වෘත්තීක භාවයක් ළඟා කරගත් , දෑ හිතකාමි දරුවකු උරුම කර දීම

වෙබ් අඩවියේ අරමුණ

රාජකීයයයේ අභිමානය විවර කිරීම සහ නවීන තාක්ශනයෙන් විද්‍යාලය විධිමත් කිරීම

රාජකීය පුවත්

රාජකීයයේ නවතම පුවත් මෙතනින්

පොලොන්නරුව රාජකීය විද්‍යාලය තුළ PCR පරීක්ෂණයට ලක් කළ කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව අනාවරණය විය.

පොලොන්නරුව රාජකීය විද්‍යාලය තුළ පසුගියදා Covid-19 ආසාදිත සිසුන් දෙදෙනකු සොයාගත්...

තව කියවන්න

රාජකීය e තක්සලාව

රාජකීයයේ අන්තර්ජාල ඉගෙනුම් පරිසරය

රාජකීය e තක්සලාව තුල ක්‍රියාත්මක වන විශන්ට අදාල පාඩම් මාලාවට පිවිසීම සදහා ඔබට පහත අවස්ථාව ලබා දී ඇත.

ඔබ ඉගෙනුම ලබන විශයන්ට අදාල නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර බාගත කරගැනීමට පහතින් පිවිසීමට අවස්ථාව ඇත.

දසුනින් නොමැකෙන රාජකීයය

‍රාජකීයයේ දසුන් සහ විශේෂ අවස්ථා වල රූප රාමු

විදුහල්පතිතුමාගේ පණිවිඩය

රාජකීයයේ නියමුවානන් - රවිලාල් විජයවංශ ගුරුතුමන්

I. K. K. රවිලාල් විජයවංශ

පාසලක ක්‍රියාත්මක සෑම ව්‍යාපෘතියකින්ම , වැඩසටහනකින්ම , අවසානයේ අපේක්ෂා කරන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ගුණාත්මක හා ප්‍රමාණාත්ම්ක ජයග්‍රහණයයි . ඉහළ යන භෞතික දීයුනුව හමුවේ සිසු සිසුවියන්ගේ ගුණාත්මක දීයුනුවක් අත්‍යවශ්‍ය වේ . ඒ සඳහා විද්‍යාලයේ ආචාර්යමණ්ඩලය දරන වෑයම අගය කරමි . විද්‍යාලයක ප්‍රධානම ශක්තිය වන ආචාර්යමණ්ඩලය සතු දැනුම , කුසලතා හා ආකල්ප සහ ඔහුගේ ක්‍රියාකාරීත්වය සිසු සිසුවියන්ගේ ජයග්‍රහණය සඳහා ඉහළින්ම වැදගත්ය .එලෙස මේ හා බැඳුණු දෙමාපිය , ආදී සිසු සවිය විද්‍යාලයක සාර්ථකත්වයේ පදනමයි . සෑම කාර්යයකම සාර්ථකත්වය කැපවීමයි .කැපවීම මත ලබාගත් සාර්ථකත්වය ලබාගත් ආකාරය ඉතාම පාරදෘශ්‍ය ලෙස ප්‍රජාව වෙත ලබාදීම අපගේ වගකීමයි .

100

පන්ති කාමර

3500+

සිසුන් ප්‍රමාණය

150+

ගුරුවරුන් ප්‍රමාණය

55

සේවයට වසර

රාජකීයය සම්බන්ධ කරගන්න
රාජකීයයේ පිහිටීම

පණිවිඩයක් යොමු කරන්න

පාසලට පණිවිඩයක් යොමු කිරීම සදහා පහත පෝරමය පුරවා පණිවිඩය යවන්න එක ක්ලික් කරන්න